කවදාහරි මේ රටේ මිනිස්සු ලස්සනට ආදරය කරයි...
ඒ ෆාමසියට කලින් මල් කඩේකට ගිහිං සූරියකාන්ත මල් හොයන දවසට.. ඩේසි මල් ඉල්ලලා ගේම ඉල්ලන දවසට..පොත් කඩේකින් පොතක් අරන් දෙන දවසට.... අවන්හලකට ගිහින් කෝපි එකක් බොන දවසට....
පාළු මූසල දවසක මීදුම අතරින් ඇවිදින්න ගත්ත දවසක.....මුහුදු වෙරළට වෙලා හිරු බසින හැටි බලන්න ගත්ත දවසක..... අදුරත් ලස්සනයි කියලා තේරුම් ගත්ත දවසට....
ගහ කොළට, තරුවලට, අහසට කතා කරන්න පුළුවන් කියලා තේරුම් ගත්ත දවසට...
අනෙක් කෙනා කැමැති මොනවද කියලා දැන ගත්ත දවසට...අඩුම ගානේ අනෙක් කෙනා කන්න කැමති කෑම මොකක්ද කියලා දැන ගත්ත දවසට....
ඔවුනොවුන් මානසික වශයෙන් තනි නොවු දවසට...
