දන්නවද
මට හැමදාම ඕන වුණේ ඉර වෙනුවෙන් මග බලන සුරියකාන්ත මලක් වෙන්න.
ඒත් දැන් ඉර වෙනුවෙන් බලන් ඉදලම ඇස් කෙවෙණි ඇදුම් කනවා.....
ඉතිං,
දැන් මට ඕන Wisteria මලක් වෙන්න හිරු රශ්මියවත් ඇගේ නොගැටෙන පාළු සීතල රාත්‍රියකට තනි රකින්න....
- දන්නවද?
+ මොකක්ද?
- ඉස්සර මං අකමැතිම මල රෝස. ඒත්, දැන් මං ආසම මල රෝස
+ ඒ ඇයි?
- මොකද ඔයා නිතරම මට රෝස මල්ම එවන නිසා. ඔයා එවන හැම රෝස මලකම ආදරේ පිරිලා තියෙන නිසා.
දන්නවද මං අකමැතිම මලකට ආස වෙන්න තරම් මං ඔයාට ආදරේ වෙලා.......
මාළිගාව දෙසින් තේවා නාදය නැගෙද්දී පය ඉක්මන් කරේ දළදාව බලාගන්න නොලැබේදෝ කියලා හිතුණ නිසා. හැල්මේ දුවන මිනිස්සු අතරේ සමහරු මල් ආසනේ උඩ මල් තියනවා නෙවේ අතාරිනවා.
හිමි හිමින් මුමුණමින් කලබලෙන් ඇගෙත් හැප්පීගෙනම එහා මෙහා යන මිනිස්සු කකුලක් පැගුණත් හැරිලවත් නොබලා ඔහේ යනවා.
මං පිනි ඉහිච්ච පිච්ච මල් එකින් එක මල් ආසනේ තියනවා. අන්තිම මලත් තියලා අතකින් කම්මුල පිහදා ගනිද්දී ගෑවුණ මල් සුවද දෑගිලි අස්සෙනුත් එනවා.
එක සැරේම මං තියපු මල් ටික කවුදෝ තල්ලු කරලා එයා ගෙනා සුදු නෙළුම් මල් තියනවා. ඒ තල්ලු කරේ මං තුනී කරපු බලාපොරොත්තුද කියලා දැනෙද්දී යන්න හැරුණ මං ආපහු හැරිලා පිච්ච මල් එකින් එක ආපහු තිබුණ විදියටම තියනවා.
අපෙන් සියයට 8 ක් ඉලක්ක සාක්ෂාත් කර ගත් ඉතා කාණ්ඩයට අයත් වේ. අපෙන් සියයට 92 කට මග හැරුණු එහෙත් ඔවුන් වෙනස් ලෙස කරන්නේ කුමක්ද?
1. ඉලක්ක ආරම්භ වන්නේ අවසානය මනසේ තබාගෙන ය.
ඉලක්ක තැබීමේදී, ඔබ යන්නේ කොතැනටදැයි ඔබ දැනගත යුතුය. ඔබේ ඉලක්ක ලියා තැබීමේදී, ඔබේ අවසාන ගමනාන්තයට යන මාර්ගය ඔබ තේරුම් ගෙන ඇති බවට වග බලා ගන්න. සියල්ලට පසු, පැහැදිලි සිතියමක් නොමැති ඉලක්කයක් යන් සිහිනයක් පමණි. ඔබ ඔබේ ඉලක්කය කඩදාසි ලියු පසු, ඔබට එය ඉටුකර ගැනීමට අවශ්‍ය දේ ලියන්න. මේවා ඔබේ උප ඉලක්‌ක සහ ඔබට ඉලක්කය දිගේ යාමට සහාය වීමට අවශ්‍ය සම්පත් වේ.
2. ඔවුන් වටා ආධාරක පද්ධතියක් ගොඩනඟයි.
ඉහළ කාර්ය සාධනයක් ඇති අය සහ ඵලදායී පුද්ගලයින් එය තනිවම කරන්නේ නැත. පුහුණුකරුවෙකුගේ හෝ උපදේශකයෙකුගේ (හෝ උපදේශක කණ්ඩායමක) සහාය ඇතිව ඔවුන්ට වැඩි යමක් ලබා ගත හැකි බවත් එය ඉක්මනින් කළ හැකි බවත් ඔවුන් තේරුම් ගනී. ඔබට හොද ටෙනිස් ක්‍රීඩකයෙකු වීමට අවශ්‍ය නම්, ඔබට උපකාර කරන උපදේශකයෙකු බඳවා ගනු ඇත. විශාල ඉලක්ක තැබීම සහ සපුරාලීම වෙනස් නොවේ. ඔබේ සාර්ථකත්වය ගැන සැලකිලිමත් වන සහ ඔබේ ඉලක්ක කරා ඔබව ගෙන යන විශේෂඥයින්ගේ ජාලයක් ගොඩනඟන්න. ඔවුන් නිතිපතා මුණගැසෙන්න, ඔවුන්ගේ ප්රඥාව සොයා බලන්න, උපදෙස් ඉල්ලා සිටින්න, හොඳින් සවන් දෙන්න.
3. ඔවුන් නිශ්චිත සහ අභියෝගාත්මක ඉලක්ක තබා ඇත.
Edwin Locke සහ Gary Latham විසින් කරන ලද පර්යේෂණයකින් සොයාගෙන ඇත්තේ මිනිසුන් මෙම මූලධර්ම දෙක (විශේෂිත සහ අභියෝගාත්මක ඉලක්ක) අනුගමනය කරන විට, එය සියයට 90 කින් ඉහළ කාර්ය සාධනයක් ලබා ගැනීමට හේතු වූ බවයි. උදාහරණයක් ලෙස, ඔබේ ඉලක්කය වසර අවසන් වන විට කිලෝ 30 ක් අඩු කර ගැනීම නම්, එය අභියෝගාත්මක විය හැකි නමුත්, එය ඉතා අපැහැදිලි වේ. ඒ වෙනුවට මෙය උත්සාහ කරන්න: "ජූලි මාසය තුළ, සීනි, පාන් සහ සෝඩා අඩු කිරීමෙන් මට කිලෝ පහක් අඩු කරගනූ ඇත. මම දිනපතා මිනිත්තු 20 ක් වේගයෙන් ඇවිදින්නෙමි." ඔබේ ඉලක්කය වටා ඔබට එතරම් පැහැදිලි බවක් ඇති විට, ඔබට ඉලක්කට පැමිණීමේ අවස්ථා ප්‍රමාණය වැඩි වේ.
4. වැඩ කල් දැමීම හඳුනා ගනී.
අපි සියල්ලෝම එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් වැඩ කල් දැමීමෙන් පීඩා විඳිමු. ඔබේ කල් දැමීම සඳහා හේතු සොයා ගැනීම වැදගත්ය. සමහර අය ඉලක්කයක් සපුරා ගැනීම අරමුණු කරගත් යම් කාර්යයක් හෝ රැකියාවක් අප්‍රසන්න ලෙස සලකන අතර, එය ඔවුන්ගේ වැඩ මඟ හැරීමේ මූලාශ්‍ර බවට පත්වේ. ඔබට උපකාර කිරීමට ක්ෂණික උපාය මාර්ග තුනක් මෙන්න:
කළ යුතු දේ ලැයිස්තු, කාලසටහන්, කාර්යයක් සම්පූර්ණ කිරීම සඳහා කාල රාමු සහ ප්‍රමාදයට එරෙහි වීමට ඉලක්ක සඳහා නියමිත කාලසීමාවන්ට ප්‍රමුඛත්වය ලබා දෙන්න.
ඔබට කොපමණ කාලයක් අවශ්‍යද, සහ ආරම්භ කළ යුත්තේ කවදාද යන්න දැන ගැනීමට ඔබේ නියමිත දින සිට වැඩ කරන්න එවිට ඔබ ප්‍රමාද නොවේ.
වරකට එක් කාර්යයක් කෙරෙහි අවධානය යොමු කරන්න. ජනප්‍රිය විශ්වාසයට පටහැනිව, බහු කාර්යයන් ඇත්ත වශයෙන්ම ප්‍රතිපලදායකයි. අවසාන වශයෙන්, හොඳින් සංවිධානය වූ පුද්ගලයින් මෙන්, ඔබේ වැඩ කටයුතු කළමනාකරණය කර ගන්න.
5. ඔවුන් 52 සහ 17 රීතිය භාවිතා කරයි.
ඔබේ දෛනික ඉලක්කය කරා වැඩ කරන විට, විනාඩි 52 ක වැඩ කිරීමෙන් පසුව විනාඩි 17 ක විවේකයක් ගැනීමට උත්සාහ කරන්න - ක්‍රීඩාවේ "විරාම පුහුණුව" ලෙස හැඳින්වේ. Peak Performance හි සම කර්තෘවරුන් වන Brad Stulberg සහ Steve Magness සොයා ගත්තේ ඵලදායිතාව සඳහා අන්තර පාදක ප්‍රවේශයක් අනුගමනය කිරීම දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පමණක් නොවන බවයි. එක් අධ්‍යයනයකින් හෙළි වූයේ එහි වඩාත්ම ඵලදායි සේවකයින් ඔවුන් සාමාන්‍යයෙන් විනාඩි 52ක් තම කාර්යයේ ගිලී විනාඩි 17ක විවේකයක් ගෙන නැවත තම රැකියාවට යන වැඩ චර්යාවකට කැමති බවයි. දිනක් තුළ ඔබේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ඉහළම ඵලදායිතාව රඳවා තබා ගැනීම දිගු කාලයක් වැඩ නොකර; විරාමයන් සමඟ එය වඩාත් දක්ෂ ලෙස කළ හැක.
6. ඔවුන් අවධානය යොමු කිරීම සඳහා සංගීතයට සවන් දෙයි.
ඉලක්කය සපුරා ගැනීම සඳහා අවධානය යොමු කිරීම සහ ඵලදායීව සිටීම සඳහා සංගීතය විශිෂ්ට ක්‍රමයක් බව සොයාගෙන ඇත. ප්‍රධාන දෙය නම් මුලින්ම අත්හදා බැලීම සහ ඔබට අවධානය යොමු කිරීමට උපකාර වන සුදුසු සංගීතය සොයා ගැනීමයි. ඔබේ සාන්ද්‍රණය වැඩි දියුණු කිරීම සඳහා විද්‍යාත්මකව ධාවනය වන සංගීතය භාවිතා කරන්න. පසුබිම් ඝෝෂාව ද ඔබේ අවධානය තියුණු කරන බව ඔප්පු වී ඇත.
7. ඔවුන් බහු කාර්යයන් නොකරයි.
සාර්ථක වීම යනු යුධ වේගයෙන් ක්‍රියා කිරීම සහ හැකි තරම් දේවල් එකවර කිරීම බව මිථ්‍යාවක් තිබේ. ඇත්ත වශයෙන්ම, වඩාත්ම සාර්ථක පුද්ගලයින් ඉතා ඉවසිලිවන්ත වේ. ඇත්ත වශයෙන්ම, පර්යේෂණ පවසන්නේ බහු කාර්යයන් මිථ්‍යාවක් වන අතර එය අපගේ මොළයට හානි කළ හැකි බවයි. ඔබ බොහෝ කාර්යයන් කෙරෙහි අවධානය යොමු කිරීම, අවධානය නැති වීම, ඔබේ කාර්යයේ ගුණාත්මක භාවය අඩු කිරීම සහ ඔබේ ඉලක්ක කරා යාමට වැඩි කාලයක් ගත කිරීම අවසන් වේ. තම ඉලක්කවලට යන පුද්ගලයන්ගෙන් සියයට 8 ක් කුඩා කොටස් කිහිපයක් මත වැඩ කිරීමට තරම් බුද්ධිමත් ය.
දරුවෙක් අවුරුදු කීයෙන්ද පෙරපාසල් යන්න ඕන කියන එකේ සිට විවාහය දක්වා ඇගිලි ගසන අය ඕන තරම්. ඔය දේ එන්න එන්නම වැඩි වෙනවා. දරුවෙක් කැමති වුණත් අකමැති වුණත් අම්මලා කැමති නම් නගරයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලැබිය යුතුමයි. මොකද දරුවා යන පාසල තීරණය කරන්නේ බඩේ ඉද්දිමයි. එක වසරේ ඉදන් ටියුෂන් යන්න ඕන පහේ තියෙන ශිෂ්‍යත්ව විභාගේ වෙනුවෙන්. පොඩි මොළේට දරන්න නොහැකි බරක් පොඩිකාලේ ඉදන් අපේ දෙමාපියෝ ඔළුවට දාන්නේ.
ඩොක්ටර් කෙනෙක්, ඉංජිනේරුවෙක්, ලෝයර් කෙනෙක් කෙනෙක් වෙන්න ඕන කියලා සමාජයේ උසයස් යැයි සම්මත රැකියාවක් පොඩිකාලේ ඉදන් අර පොඩි දරුවගේ ඔළුව උඩට දානවා. පුතේ දුවේ ඔයා කවුරු වෙන්නද කැමති කියලා අහනවට වඩා ඔයා මෙහෙම කෙනෙක් වෙන්න කියන දෙමාපියෝ වැඩියි. ඉතින් බොහෝමයක් දෙමව්පියන්ට දරුවෙක් කියන්නෙ එයාලට කරන්න බැරි වුණ දේවල් ළඟා කරගන්න පාවිච්චි කරන ඉත්තෙක්.
දරුවා දක්ෂ කලාවට වෙන්න පුළුවන් ඒත් කරන්නේ ගණිත විශය ධාරාවන්. අර කලාකරුවා හංගගෙන ඔහු දෙමාපියන්ගෙ කැමැත්තට ඉංජිනේරුවෙක් වෙලා. අකමැති රැකියාවක් කරමින් ජීවිත කාලය පුරාම ආතතියෙන් පෙලෙන්න වෙලා. ඉතින් එහෙව් අයගෙන් හොද සේවයක්, අනෙකාට හොදින් සවන් දීමක් බලාපොරොත්තු විය හැකිද?
රැකියාව දක්වා දෙමාපිය තීරණය මත සිදු වුණා කියමු. විවාහය ඒක තමා හොදම දේ. විවාහයත් තමන්ට අවශ්‍ය විදියට විය යුතු බවයි සමහර දෙමාපියෝ හිතන්නේ. අනිකා එක්ක ජිවත් වෙන්න පුළුවන්ද කියලා නෙවේ බලන්නේ. අපේ පවුලට වඩා ධනවත් වෙන්න ඕන, උගත් වෙන්න ඕන, කුලෙන් ඉහළ වෙන්න ඕන කියලයි බලන්නේ. එහෙම නැත්තං ඒකට විරුද්ධ වෙන්න දෙපාරක් හිතන්නේ නෑ.
කොහොම හරි කසාද බැන්දා කියමුකො. එතනින් එහා දෙන්නා අතර ඇතිවෙන ප්‍රශ්න වලටත් ඇගිලි ගහන්න දෙපාරක් හිතන්නේ නෑ. සමහර අම්මලා තමන් මේ කරන්නේ බරපතල වැරැද්දක් කියල දන්නේ නෑ . ඔය පොඩි ප්‍රශ්න දුරදිග යවලා දික්කසාදය දක්වා යවන අම්මලා ලංකාවෙ ඉන්නවා.
සමහර අම්මලා පුතාලා කසාදයක් බැඳගෙන ආවාම ඒ පවුලට පුදුම වදයක් වෙන්නේ. අලුතින් විවාහ වුණ ජෝඩුව හිනාවෙලා සතුටින් ඉන්න එක පේන්න බෑ. තාම අර පොඩි පුතා කියලා හිතන් අයිතිවාසිකම් කියන්නේ.
දරුවන්ගේ ජීවිත අනවශ්‍ය විදියට උපතේ සිටම පාලනය කරන එක නෙවෙයි දෙමව්පියෝ විදියට කරන්න ඕනේ. දරුවෝ කියන්නෙ විශ්‍රාම සැලසුමවතක් නෙවේ. ඔවුන් හැදුවා දැනුම් තේරුම් තියෙද්දී දරුවන්ට තීරණ ගැනීමට අයිතියක් තියෙනවා. ඔවුන්ගේ ජීවිතවලට අනවශ්‍ය ලෙස ඇගිලි නොගසන්න...
මට හයිඩි පොත කියවන්න හම්බුණේ 5 වසරෙදි. ඊට අවුරුද්දකට දෙකකට පස්ස ෆිල්ම් එක බලන්න හම්බුණේ. එදා ඉදන් මේ වෙනකන් කිසිම වෙනසක් නොවී තිබ්බ එකම හීනේ තමා farm life එකක් ගෙවන එක.
කුකුළෝ බැටළුවෝ ඌරෝ එළදෙන්නූන්ගෙන් පිරිච්ච ලොකු farm එකක්. මැද හරියේ ලස්සන ගල්වලින් හදපු පොඩි ගෙයක්. ඉස්තෝප්පුවේ පැද්දෙන පුටුවක්. විසිත්ත කාමරයේ පසක සීතලට ගිනි දැල්වෙන ගිනි උදුනක්. පොඩි සෝෆා එකක් එක්ක ලස්සන ඩේසි මල්වලින් සැරසුන මල් පොච්චියක්.
පැත්තක පොඩි කුස්සියක්,ඒ මැද ලී මේසයක්. පසෙක ෂූ හඩ නංවමින් උතුරන කේතලයක්. මේසේ පසක කෝපි කෝප්පයක් එක්ක ගෙදර හදපු බටර් ගාපු පාන් පෙත්තක්. පුංචි කවුළුවෙන් තෙරක් නැතිව පෙනෙන තණ පිට්ටනියක්. තණ පිට්ටනියේ තණ උලා කන එළදෙනුන්ගේ දසුනක්. ලා සුළං පොදක් කවුළුව තුළින් ගලාගෙන විත් මුහුණේ වදින විදිහ. නැහැ පුඩු හරහා යන තණ බිස්සේ නැවුම් සුවද.
උඩ තට්ටුවේ ඩේසි මල්වලින් සැරසුන පොඩි නිදන කාමරයක්. කවුළුවෙන් ඈත පෙනෙන කදු මුදුන්. ඇද අසලම වූ පොත් වලින් පිරුණ රාක්කයක්. පසෙකින් වූ ලැන්තෑරුම, රාත්‍රියට ඒ එළියට පියාඹගෙන එන කාළාමැදිරියන්.
තණ පිට්ටනියේ පසෙක තිබෙන මහා රෑස්ස ගහක්. නිදහස් වේලාවට කූඩේකට කෑම ටිකක් දාගෙන ගිහින් පොතක් කියව කියව කෝපි කෝප්පයක් බොන ගමන් ගහේ අතු සුළගත් එක්ක තාලෙන වැනෙන දිහා බලන් ඉන්න. පොඩි බලු පැටව් දෙන්නෙක් එක්ක වත්ත පුරා ඇවිදින්න. අයිනක ගලන් යන දොළ ළගට ගිහින් පීනන මාළු පැටව් දිහා බලන් ඉන්න. උදේට කූඩෙකුත් අරන් ටවුමට ගිහින් ඕන කරන දේවල් ගේන්න.
Farm එකේ සත්තුත් එක්ක ජීවිතේ ගෙවන්න. උදේම ඇහැරිලා පැද්දෙන පුටුවේ වාඩිවෙලා ඈත බලන් ඉන්න. දෙපැත්තේ බලු පැටව් දෙන්නා තියාගෙන ඉන්න හීන මැව්වා...
තාමත් ආසයි ඒ ජීවිතේට ඉටුවෙයිද නැද්ද දන්නෑ තාමත්. ඒත් දවසක තෝරාගැනීමක් කරන්න වුණොත් මම බොහෝ විට මේ ජීවිතේ තෝරා ගනිවි. ඒ තරම්ම ලොකු හීනයක් ඒක.
ජීවිතේ මේ දිව්වා ඇතියි කියලා හිතුණ දවසක මමත් නවතියි පොඩි කාලේ ඉදන් හීන මැව්ව තැන....
හැමෝගෙම හීන ඉෂ්ට වේවා ❤❤❤❤
ජිවිතේ ඔබට පහරපිට පහර දුන්නත් ඔබට නැගිටින්නම වෙනවා. ආස දෙයක් ඉගෙන ගන්න, ආස කරන බිස්නස් එකක් පටන් ගන්න, ආස කරන රැකියාව කරන්න ගන්න.
දන්නවද තෝමස් අල්වා එඩිසන් බල්බය හොයාගද්දී 999 වාරයක් අසාර්ථක වුණා. ඔහු කියනවා මම බල්බයක් පිළිස්සෙන්න තියෙන ක්‍රම 999ක් ඉගෙන ගත්තා කියලා. ඉතින් මං කියන්නේ ඔබ යන ගමනෙදි ඔබ වැටෙයි, දණහිස් තුවාල වෙයි, අතපය කැඩෙයි, කදුළු පිහදාගෙන ආපහු නැගිටින්න, වැටි වැටි නැගිටින්න. ඔය හැම පරාජයකටම පස්සේ ඔබ තැනකට එනවා. ඉතින් එතනින් ඉවරද ඒ ගමන. නෑ, එතනයි පටන් ගැන්ම. එතනින් එහාට ඔබ සාර්ථකත්වය පවත්වාගෙන යන තැනයි ඔබේ ගමන රදාපවතින්නේ.
කාගෙවත් උදව් නැතුව ඔබට කොච්චර දේවල් කරන්න පුළුවන්ද බලන්න. හැම වේලාවකම අනිත් අයගේ උදව් ඉල්ලන්න එපා. එහෙම වුණොත් ඔබට කරන්න පුළුවන් දේ අමතක වෙයි. සාර්ථක වෙන්න නම් පහළින්ම පටන් ගන්න.
මගේ chemistry සර් දවසක් කියනවා නාඩි වැටෙනවා කියලා දැනෙනවා නම් පන්තියට එන්න කියලා. ඔව් නාඩි වැටෙනවා කියලා දැනෙනවා නම් වැඩ කරන්න. මොකද මේ කොරෝනාවට වඩා නරක දේවල්වලට මුහුණ දුන්න අය ඉන්නවා. නිදහසට කාරණා ගැන හිත හිත කාලේ නාස්ති කරන්න එපා.
එස් ටි ලෝඩර් කියනවා මම කවදාවත් සාර්ථකත්වය ගැන සිහින මැව්වේ නැහැ. මම ඒ වෙනුවෙන් වැඩ කරා කියලා. සමහරු හිතයි ඔබට පිස්සු කියලා. හිතන්න දෙන්න. ඔබේ පාඩුවේ වැඩ කරන්න.
ඉතින් හැම වේදනාවක්ම අයින් කරලා ඔබ වෙනුවෙන් වැඩ කරන්න....
දන්නවද මට හැමදාම ඕන වුණේ ඉර වෙනුවෙන් මග බලන සුරියකාන්ත මලක් වෙන්න. ඒත් දැන් ඉර වෙනුවෙන් බලන් ඉදලම ඇස් කෙවෙණි ඇදුම් කනවා..... ඉතිං, දැන් මට ...