Tuesday, November 22, 2022

දන්නවද 

මට හැමදාම ඕන වුණේ ඉර වෙනුවෙන් මග බලන සුරියකාන්ත මලක් වෙන්න.

ඒත් දැන් ඉර වෙනුවෙන් බලන් ඉදලම ඇස් කෙවෙණි ඇදුම් කනවා.....

ඉතිං,

දැන් මට ඕන Wisteria මලක් වෙන්න හිරු රශ්මියවත් ඇගේ නොගැටෙන පාළු සීතල රාත්‍රියකට තනි රකින්න....

රෝස

 - දන්නවද?

+ මොකක්ද?

- ඉස්සර මං අකමැතිම මල රෝස. ඒත්, දැන් මං ආසම මල රෝස

+ ඒ ඇයි?

- මොකද ඔයා නිතරම මට රෝස මල්ම එවන නිසා. ඔයා එවන හැම රෝස මලකම ආදරේ පිරිලා තියෙන නිසා.  


දන්නවද මං අකමැතිම මලකට ආස වෙන්න තරම් මං ඔයාට ආදරේ වෙලා.......

මල්

 මාළිගාව දෙසින් තේවා නාදය නැගෙද්දී පය ඉක්මන් කරේ දළදාව බලාගන්න නොලැබේදෝ කියලා හිතුණ නිසා. හැල්මේ දුවන මිනිස්සු අතරේ සමහරු මල් ආසනේ උඩ මල් තියනවා නෙවේ අතාරිනවා. 

හිමි හිමින් මුමුණමින් කලබලෙන් ඇගෙත් හැප්පීගෙනම එහා මෙහා යන මිනිස්සු කකුලක් පැගුණත් හැරිලවත් නොබලා ඔහේ යනවා.

මං පිනි ඉහිච්ච පිච්ච මල් එකින් එක මල් ආසනේ තියනවා. අන්තිම මලත් තියලා අතකින් කම්මුල පිහදා ගනිද්දී ගෑවුණ මල් සුවද දෑගිලි අස්සෙනුත් එනවා. 

එක සැරේම මං තියපු මල් ටික කවුදෝ තල්ලු කරලා එයා ගෙනා සුදු නෙළුම් මල් තියනවා. ඒ තල්ලු කරේ මං තුනී කරපු බලාපොරොත්තුද කියලා දැනෙද්දී යන්න හැරුණ මං ආපහු හැරිලා පිච්ච මල් එකින් එක ආපහු තිබුණ විදියටම තියනවා.

දන්නවද  මට හැමදාම ඕන වුණේ ඉර වෙනුවෙන් මග බලන සුරියකාන්ත මලක් වෙන්න. ඒත් දැන් ඉර වෙනුවෙන් බලන් ඉදලම ඇස් කෙවෙණි ඇදුම් කනවා..... ඉතිං, දැන් මට ...