Friday, April 30, 2021

ප්‍රතික්ෂේප වීම බලවත්ම motivation එක කරගන්න....


 කවදාහරි කාගෙන්හරි ප්‍රතික්ෂේප වෙලා නැත්තං එහෙනම් එක අතකට ඔබ පට්ට වාසනාවන්තයෙක්. කිසි දේකින් reject වෙලා නෑ කියන්නේ මේ ලෝකේ ජරාමා නරකම අත්දැකීම නොවිද ඉන්න තරම් වාසනාවන්තයෙක්. මනෝවෛද්‍යවරුන්ට අනුව අපිව ගොඩක් වටින දේකින් පුද්ගලයෙක්ගෙන් ප්‍රතික්ෂේප වීම ඒ මානසික කඩා වැටිම ශාරීරික වේදනාවකට සමානයි. ඒක දරාගන්න අමාරුයි, ඒ වේදනාවට සම කරන්න පුළුවන් දෙයක් නෑ මේ ලෝකේ. ඒක මෙහෙමයි කියලා පැහැදිලි කරන්න වචනයක් හොයාගෙන නෑ.

ඒ අත්දැකීමට මුහුණ දීලා ජීවිතේ මූසලම දවස් එක්ක සටන් කරලා ගොඩනැගුණු කෙනෙක් නම් සතුටු වෙන්න ඔබ දැන් දන්නවා survive වෙන්න. දැන් දන්නවා ජීවිතේ ඔබට පයින් ගැහුවත් ආපහු නැගිටින්න. කොන්ද පණ ඇතුව කෙලින් හිට ගන්න. මේ අත්දැකීම නොවිදපු කෙනෙක්ට ජිවිතේ අමුතු රහ මිස් වෙනවා. අපිට ජීවිතේ එන ප්‍රශ්න කොටස් දෙකකට බෙදනවා අපිට පාලනය කරන්න පුළුවන් දේවල් හා බැරි දේවල්. පාලනය කරන්න පුළුවන් දේවල් ගැන ප්‍රශ්නයක් නෑ. බැරි දේවල් වලට මොකද කරන්න ඕන. අපි ඒවට ප්‍රතිචාර දක්වන විදිය වෙනස් කරන්න ඕන. අන්න එදාට තව දුරටත් ප්‍රතික්ෂේපවීම් වලට බය වෙන්නෑ. ගුඩ් ලක් ❤️❤️❤️

Friday, April 23, 2021

කල් තියාම වැඩේ අතාරිනවද.....හැම දවසක්ම යුද්ධයක් වගේ දැනෙනවද.....


 කල් තියාම වැඩේ අතාරිනවද.....හැම දවසක්ම යුද්ධයක් වගේ දැනෙනවද..... complain කර කර ඉන්න එපා. අඩු තරමේ fight කරන්න ඉගෙන් ගන්න. ඇත්තටම අමාරු වැඩ කරන එක නෙවේ. කිසිදෙයක් නොකර කොහෙද යන්නේ කොහෙද ඉන්නේ කියලා නොදැන අතරමං වෙන එක.... තනිවීම දුර්වල කමක් වෙන්නේ පරාජිතයන්ට විතරයි. ජයග්‍රාහකයන්ට ඒක පුදුම ශක්තියක්.... අපි තනිවෙන්න තියෙන බය නිසා සමහර වෙලාවට අපිට ඕනමයි කියලා අපි හිතන ආදරණීයන් ළග බලෙන් නවතින්න ගිහින් අපි කොච්චර දුර්වලයෝ වෙනවද.....


තුවාලය හොද වෙන්න නම් ඒක පාරන එක නතර කරන්න. මේ ගමනේ සමහර තැන් වලදී දුක හිතෙයි අඩයි..... ඒ වුණාට නොදන්න දේ මේකයි.... ජීවිතේ මාරයි.... ඇත්තටම සතුට මොකක්ද කියලා පෙන්නන්න ජීවිතේ අපිට මාර දුකක් දෙනවා. ඔබේ ශක්තියෙන් නැගිටලා පෙන්නන්න. ඔබට විතරයි ඔබව උස්සලා තියන්න පුළුවන්.අවස්ථාවක් නෑ කියලා complain කර කර ඉන්නේ නැතුව දොර කඩාගෙන එළියට ගිහින් බලන්න. 


ඒ හින්දා නැගිටින්න ට්‍රයි කරන්න නැවත නැවත උත්සාහ කරන්න. නරකම අදුරත් දැකලා තියෙනවා දැන් හොදම ආලෝකය උපයන්න පටන් ගන්න. උපරිම වේදනාව වින්දා නේ ඊළඟට ලෑස්ති වෙන්න විශිෂ්ඨම ආශිර්වාදය ලබන්න......❤️❤️❤️

Wednesday, April 21, 2021

තාම ආදරේද..තාම හිතනවද, තාම හොයලා බලනවද......


 තාම ආදරේද, තාම හිතනවද, තාම හොයලා බලනවද......


ජිවිතේ හිත නිදහස් කරගන්න අමාරුම දවස්ද ගෙවෙන්නේ... හොද හුස්මක් ගන්න, සංසුන් වෙන්න.... පළවෙන්ම දේ එයා ඔයාට ආදරේ නම් දාලා යන්නෑ. එයාට ඔයාව වැදගත් නැති නිසා ගියේ... ඔයා දුක් විද විද එයාව සතුටින් තිබ්බද, එයා වෙනුවෙන් වරු ගනන් බලන් හිටියද, රෑ ගනන් නිදි මරලා තියෙනවද, කොට්ට තෙමෙනකන් අඩලා තියෙනවද, නොකා නොබී ඉදලා තියෙනවද..... ඔයා එයාට ඇත්තටම ආදරේ කරලා තියෙනවා.


ඒ ගැන දුක් වෙන්න එපා. සතුටු වෙන්න. ඔයා බොරු නොකරපු එක ගැන ඔයාට හොද හදවතක් තියෙන එක ගැන සතුටු වෙන්න. හිත් රිදිම් දහස් ගාණකට පස්සේ දැන් ඇති දැන් නවතින්න. බොරුවට කාලේ නාස්ති කරනවා විතරයි. ආයෙමත් ඔයා වෙනුවෙන් ජීවිත් වෙන්න් කාලේ හරි. බිදුණු හදවතක් එක්ක මුකුත් කරන්න හිතෙන්නෑ. කන්න ඕන නෑ, නින්ද නෑ. විදවන්න විතරයි පුළුවන්. ඒ වේදනාව අමතක කරලා සැහැල්ලු සතුටු ජීවිතයක් ගෙවන්න මේ ටික කරන්න. 

      සමාව දෙන්න 

      සමාව ගන්න

      ගමන පටන් ගන්න


පලිගන්න හිතෙනවද... දන්නවද හොදම පළිගැනිම තමා පලි නොගැනීම. හොදම දඩුවම තමා අමතක කිරීම. ෆොටෝ විඩියෝ ඩිලිට් කරන්න ඒවගේ තියෙන කිසි දෙයක් ඇත්ත නෙවේ. එයාව මතක් වෙන හැම සමරුවක්ම විනාශ කරන්න. සැරෙන් සැරේ කතා කරන එක නවත්තන්න. ඒක තව වේදනාවක්. දුක වේදනාව කියවෙන දේවල් ශෙයාර් කරන්න එපා. ලෝකේට ඔයාගේ ප්‍රශ්න රසවත් මාතෘකාවක් විතරයි  විශ්වාස කරන්න පුළුවන් අහගෙන ඉන්න කෙනෙක්ට ඔයාගේ දුක කියන්න. කාමරේ දුවිලි පිහලා අතු ගාලා අලුතෙන් අස් කරන්න. අලුත් සුවදක් ඉහින්න. හොදට නාන්න. දුක හිතුනොත් අඩන්න. හොද කෝපි එකක්, තේ එකක් හදාගෙන බොන්න. 


හොද හුස්මක් අරන් හිතන්න අපි කොච්චර ආදරේ වුණත් අපිට ආදරේ නැති කෙනෙක්ගෙන් වැඩක්ද..... අද නැතත් කවදා හරි එයාලා යනවා. තව ඉස්සරහට වැඩි වේදනාවක් විදිනවට වඩා දැන්ම ඉවර කරන එක හොද නැද්ද.... අනික එයා මේ ලොකේ ඉන්න එකම හොදම කෙනා නෙවේ. තව කෙනෙක් විතරයි. මේ ලෝකේ හැම කෙනෙක්ම යම් තැනකදි තනි වෙනවා. සමහරු නොදන්නවා වුණාට කාටවත් අමුතුවෙන් නැතිවෙන්න දෙයක් නෑ. කාටවත් බෑ අපේ හිත හදන්න අපිට විතරයි පුළුවන් හිත හදාගන්න. ලෝකේ අසාධාරණයි ඒකට හුරු වෙන්න. දාරාගන්න බැරු හිස්කමක් පාළුවක් දැනෙයි....


මේ ඔක්කොම අවසනේ තමන්ට අරමුණක් හොයාගන්න. ජිවිතේ කිසිම අරමුණක් කිසිම පුද්ගලයෙක් වටේට බැදලා තියාගන්න එපා. ජීවිතේ වෙනස් කරන lifestyle එක වෙනස් කරන දෙයක් වටේ අරමුණ බැදලා තියාගන්න.  මාස තුනක් යනකොට මේ දුක දැනෙන්නෙවත් නෑ. අවුරුද්දක් යනකොට මතක් වෙන්නෙවත් නැති වෙයි.


මේ කාලේ පහු කරන්න යාළුවෝ එක්ක ඇවිදින්න යන්න, ෆිල්ම් එකක් බලන්න යන්න, සත්තුන්ට පරිසරයට ආදරේ කරන්න, තනියම ජීවිත් වෙන්න ඉගෙන ගන්න, කිසි කෙනෙක් මත යැපෙන්න එපා. ජීවිතේ මොනවද ඕන එකින් එක අරමුණු වලට යන්න. ඔයාට වඩා වැටුණු මිනිස්සු නැගිටලා තියෙනවා. හිත බිදිච්ච නැති කිසි කෙනෙක් මේ ලෝකේ නෑ. හැම මනුස්සයෙක් ඔය මානසික තත්වේ අත් වින්දා. තමන් හරි කියලා තමන්ට පුළුවන් කියලා පෙන්නන්න..


ඔබව විනාශ කරගෙන පරාජය බාර ගන්නවද ගින්දර මැද්දෙන් නැගිටලා පෙන්නනවද.......... තීරණය කරන්න.....❤❤️❤️✌

දන්නවද  මට හැමදාම ඕන වුණේ ඉර වෙනුවෙන් මග බලන සුරියකාන්ත මලක් වෙන්න. ඒත් දැන් ඉර වෙනුවෙන් බලන් ඉදලම ඇස් කෙවෙණි ඇදුම් කනවා..... ඉතිං, දැන් මට ...