Saturday, November 7, 2020

ඇයි අපි ආදරේ කරන දේවල් නැති වෙන්නේ.


 මුලින්ම මම ප්‍රශ්නෙකින් පටන් ගන්නම්. ජීවිතේ ඉතාම සමීප පුද්ගලයෙක් හෝ දෙයක් නැති වුනොත් මොන වගේ හැගීමක් ඔබට දැනෙනවද??? මුලින්ම ඇස් දෙක පියාගෙන මේකට උත්තරයක් හොයන්න......



බොහෝ අයට එක පාරටම දැනෙයි අනේ ඇයි මට ඒක නැති වුනේ කියලා. පස්සේ කලකිරිමක්, තරහක් හිතට දැනුනා නේද???

දන්නවද කාලයක් යනකොට ඒ නැති වුණා හැමදේම අපිට මතකයක් විතරක් වෙනවා. ඇයි විශ්වය අපෙන් අපි ආස කරන, ආදරේ කරන දෙයක් ගන්නේ? ඇයි ජීවිතේ හිඩසක් ඇති කරන්නේ?? මේ ගැන නිකමට හිතලා බැලුවද??? දන්නවද හේතුව.....

අපි විශ්වයෙන් කොච්චර දේවල් ඉල්ලනවද? වාහනයක්, ගෙයක්, සල්ලී, ආදරේ කරන්න කෙනෙක්. දැන් බයවෙන්න එපා මේ කිසිම දෙයක් ලැබෙන්නේ නෑ කියලා. මං කියන්න යන්නේ ඇයි විශ්වය අපෙන් වටිනා දේවල් ගන්නේ කියලා. අපි මොනතරම් දේවල් ඉල්ලුවත් විශ්වය හැමවෙලේම අපිට ගැළපෙන හොදම දේ තෝරල අපිට දෙනවා.ඉතින් හොදම දේ දෙන්න නම් එතනට හිඩසක් ඕනිම වෙනවා. ඉතින් විශ්වය කරන්නේ ඒක. කිසිම දෙයක් නැති වුණාට දුක් වෙන්න එපා. විශ්වය හොදම දේ හොයලා දෙයි. එතකන් ඉවසන්න......

1 comment:

  1. තමාට ලැබෙන්න ඉන්න හරිම කෙනා ලැබෙනකම් සමහරවිට අපි බලාපොරොත්තු අහස උසට ගොඩ ගහමින් දකින හීන, හීන විතරක්ම වෙන්න පුලුවන්....ඒත් තාමාට උරුමවෙන්න ඉන්න කෙනා අපි ලෝකේ කොහේ හිටියත් නොහිතපු විදියට, නොහිතන වෙලාවක අපිව හොයන් ඒවි..එදාට අපි කලින් මවපු හීන වලටත් වඩා ලස්සන ජීවිතයක් අපිට ලැබෙන්න පුලුවන්.. එතකම් මොන ප්‍රශ්න ආවත් දරාගෙන සතුටින් ඉන්න වෙනවා...අපේ සතුට අපිටම හොයාගන්න වෙනවා..

    ReplyDelete

දන්නවද  මට හැමදාම ඕන වුණේ ඉර වෙනුවෙන් මග බලන සුරියකාන්ත මලක් වෙන්න. ඒත් දැන් ඉර වෙනුවෙන් බලන් ඉදලම ඇස් කෙවෙණි ඇදුම් කනවා..... ඉතිං, දැන් මට ...