කවදාහරි කාගෙන්හරි ප්‍රතික්ෂේප වෙලා නැත්තං එහෙනම් එක අතකට ඔබ පට්ට වාසනාවන්තයෙක්. කිසි දේකින් reject වෙලා නෑ කියන්නේ මේ ලෝකේ ජරාමා නරකම අත්දැකීම නොවිද ඉන්න තරම් වාසනාවන්තයෙක්. මනෝවෛද්‍යවරුන්ට අනුව අපිව ගොඩක් වටින දේකින් පුද්ගලයෙක්ගෙන් ප්‍රතික්ෂේප වීම ඒ මානසික කඩා වැටිම ශාරීරික වේදනාවකට සමානයි. ඒක දරාගන්න අමාරුයි, ඒ වේදනාවට සම කරන්න පුළුවන් දෙයක් නෑ මේ ලෝකේ. ඒක මෙහෙමයි කියලා පැහැදිලි කරන්න වචනයක් හොයාගෙන නෑ.
ඒ අත්දැකීමට මුහුණ දීලා ජීවිතේ මූසලම දවස් එක්ක සටන් කරලා ගොඩනැගුණු කෙනෙක් නම් සතුටු වෙන්න ඔබ දැන් දන්නවා survive වෙන්න. දැන් දන්නවා ජීවිතේ ඔබට පයින් ගැහුවත් ආපහු නැගිටින්න. කොන්ද පණ ඇතුව කෙලින් හිට ගන්න. මේ අත්දැකීම නොවිදපු කෙනෙක්ට ජිවිතේ අමුතු රහ මිස් වෙනවා. අපිට ජීවිතේ එන ප්‍රශ්න කොටස් දෙකකට බෙදනවා අපිට පාලනය කරන්න පුළුවන් දේවල් හා බැරි දේවල්. පාලනය කරන්න පුළුවන් දේවල් ගැන ප්‍රශ්නයක් නෑ. බැරි දේවල් වලට මොකද කරන්න ඕන. අපි ඒවට ප්‍රතිචාර දක්වන විදිය වෙනස් කරන්න ඕන. අන්න එදාට තව දුරටත් ප්‍රතික්ෂේපවීම් වලට බය වෙන්නෑ. ගුඩ් ලක් ❤️❤️❤️

No comments:
Post a Comment