තාම ආදරේද, තාම හිතනවද, තාම හොයලා බලනවද......
ජිවිතේ හිත නිදහස් කරගන්න අමාරුම දවස්ද ගෙවෙන්නේ... හොද හුස්මක් ගන්න, සංසුන් වෙන්න.... පළවෙන්ම දේ එයා ඔයාට ආදරේ නම් දාලා යන්නෑ. එයාට ඔයාව වැදගත් නැති නිසා ගියේ... ඔයා දුක් විද විද එයාව සතුටින් තිබ්බද, එයා වෙනුවෙන් වරු ගනන් බලන් හිටියද, රෑ ගනන් නිදි මරලා තියෙනවද, කොට්ට තෙමෙනකන් අඩලා තියෙනවද, නොකා නොබී ඉදලා තියෙනවද..... ඔයා එයාට ඇත්තටම ආදරේ කරලා තියෙනවා.
ඒ ගැන දුක් වෙන්න එපා. සතුටු වෙන්න. ඔයා බොරු නොකරපු එක ගැන ඔයාට හොද හදවතක් තියෙන එක ගැන සතුටු වෙන්න. හිත් රිදිම් දහස් ගාණකට පස්සේ දැන් ඇති දැන් නවතින්න. බොරුවට කාලේ නාස්ති කරනවා විතරයි. ආයෙමත් ඔයා වෙනුවෙන් ජීවිත් වෙන්න් කාලේ හරි. බිදුණු හදවතක් එක්ක මුකුත් කරන්න හිතෙන්නෑ. කන්න ඕන නෑ, නින්ද නෑ. විදවන්න විතරයි පුළුවන්. ඒ වේදනාව අමතක කරලා සැහැල්ලු සතුටු ජීවිතයක් ගෙවන්න මේ ටික කරන්න.
සමාව දෙන්න
සමාව ගන්න
ගමන පටන් ගන්න
පලිගන්න හිතෙනවද... දන්නවද හොදම පළිගැනිම තමා පලි නොගැනීම. හොදම දඩුවම තමා අමතක කිරීම. ෆොටෝ විඩියෝ ඩිලිට් කරන්න ඒවගේ තියෙන කිසි දෙයක් ඇත්ත නෙවේ. එයාව මතක් වෙන හැම සමරුවක්ම විනාශ කරන්න. සැරෙන් සැරේ කතා කරන එක නවත්තන්න. ඒක තව වේදනාවක්. දුක වේදනාව කියවෙන දේවල් ශෙයාර් කරන්න එපා. ලෝකේට ඔයාගේ ප්‍රශ්න රසවත් මාතෘකාවක් විතරයි විශ්වාස කරන්න පුළුවන් අහගෙන ඉන්න කෙනෙක්ට ඔයාගේ දුක කියන්න. කාමරේ දුවිලි පිහලා අතු ගාලා අලුතෙන් අස් කරන්න. අලුත් සුවදක් ඉහින්න. හොදට නාන්න. දුක හිතුනොත් අඩන්න. හොද කෝපි එකක්, තේ එකක් හදාගෙන බොන්න.
හොද හුස්මක් අරන් හිතන්න අපි කොච්චර ආදරේ වුණත් අපිට ආදරේ නැති කෙනෙක්ගෙන් වැඩක්ද..... අද නැතත් කවදා හරි එයාලා යනවා. තව ඉස්සරහට වැඩි වේදනාවක් විදිනවට වඩා දැන්ම ඉවර කරන එක හොද නැද්ද.... අනික එයා මේ ලොකේ ඉන්න එකම හොදම කෙනා නෙවේ. තව කෙනෙක් විතරයි. මේ ලෝකේ හැම කෙනෙක්ම යම් තැනකදි තනි වෙනවා. සමහරු නොදන්නවා වුණාට කාටවත් අමුතුවෙන් නැතිවෙන්න දෙයක් නෑ. කාටවත් බෑ අපේ හිත හදන්න අපිට විතරයි පුළුවන් හිත හදාගන්න. ලෝකේ අසාධාරණයි ඒකට හුරු වෙන්න. දාරාගන්න බැරු හිස්කමක් පාළුවක් දැනෙයි....
මේ ඔක්කොම අවසනේ තමන්ට අරමුණක් හොයාගන්න. ජිවිතේ කිසිම අරමුණක් කිසිම පුද්ගලයෙක් වටේට බැදලා තියාගන්න එපා. ජීවිතේ වෙනස් කරන lifestyle එක වෙනස් කරන දෙයක් වටේ අරමුණ බැදලා තියාගන්න. මාස තුනක් යනකොට මේ දුක දැනෙන්නෙවත් නෑ. අවුරුද්දක් යනකොට මතක් වෙන්නෙවත් නැති වෙයි.
මේ කාලේ පහු කරන්න යාළුවෝ එක්ක ඇවිදින්න යන්න, ෆිල්ම් එකක් බලන්න යන්න, සත්තුන්ට පරිසරයට ආදරේ කරන්න, තනියම ජීවිත් වෙන්න ඉගෙන ගන්න, කිසි කෙනෙක් මත යැපෙන්න එපා. ජීවිතේ මොනවද ඕන එකින් එක අරමුණු වලට යන්න. ඔයාට වඩා වැටුණු මිනිස්සු නැගිටලා තියෙනවා. හිත බිදිච්ච නැති කිසි කෙනෙක් මේ ලෝකේ නෑ. හැම මනුස්සයෙක් ඔය මානසික තත්වේ අත් වින්දා. තමන් හරි කියලා තමන්ට පුළුවන් කියලා පෙන්නන්න..
ඔබව විනාශ කරගෙන පරාජය බාර ගන්නවද ගින්දර මැද්දෙන් නැගිටලා පෙන්නනවද.......... තීරණය කරන්න.....❤❤️❤️✌

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ReplyDelete