මාළිගාව දෙසින් තේවා නාදය නැගෙද්දී පය ඉක්මන් කරේ දළදාව බලාගන්න නොලැබේදෝ කියලා හිතුණ නිසා. හැල්මේ දුවන මිනිස්සු අතරේ සමහරු මල් ආසනේ උඩ මල් තියනවා නෙවේ අතාරිනවා.
හිමි හිමින් මුමුණමින් කලබලෙන් ඇගෙත් හැප්පීගෙනම එහා මෙහා යන මිනිස්සු කකුලක් පැගුණත් හැරිලවත් නොබලා ඔහේ යනවා.
මං පිනි ඉහිච්ච පිච්ච මල් එකින් එක මල් ආසනේ තියනවා. අන්තිම මලත් තියලා අතකින් කම්මුල පිහදා ගනිද්දී ගෑවුණ මල් සුවද දෑගිලි අස්සෙනුත් එනවා.
එක සැරේම මං තියපු මල් ටික කවුදෝ තල්ලු කරලා එයා ගෙනා සුදු නෙළුම් මල් තියනවා. ඒ තල්ලු කරේ මං තුනී කරපු බලාපොරොත්තුද කියලා දැනෙද්දී යන්න හැරුණ මං ආපහු හැරිලා පිච්ච මල් එකින් එක ආපහු තිබුණ විදියටම තියනවා.
No comments:
Post a Comment