උදේම මට හරි අපුරු කතාවක් මතක් වුණා. ඒ American entrepreneur කෙනෙක් වෙන Gray Vee කතාවක්. ඔහු අවුරුදු 20 පසුවන තරුණ තරුණියන්ට හරි අපුරු උපදෙසක් දෙනවා. ඒ අනවශ්‍ය දේ කෙරෙහි අවධානය යොමු කිරීම නවත්වන්න. දේවල් බිඳ දැමීමට බිය නොවන්න. ආදර හැඟීම් ඇති කරගන්න එපා. හුස්ම ගැනීමට කාලය ගන්න එපා. පරිපූර්ණ වීමට ඉලක්ක නොකරන්න. ඔබ කරන ඕනෑම දෙයක් දිගටම කරගෙන යන්න. උපරිම මහන්සියෙන් ඒකටම focus වෙලා කරන දේ කරන්න. අවුරුදු හතර පහකට කිසිම වෙන එකක් නෑ. ඒට්ග් අවුරුදු හතර පහකට පස්සේ ඔබ ඔබටම ස්තූති කරයි කියලා.
මොනවම හරි දෙයක් තමන් වෙනුවෙන් කරන්න.තමාවම දිරිගන්ව ගන්න. ඔබව විශ්වාස කරන්න. හොදම දේ ජීවිතයට එන්නේ හරිම කාලේදී......
ජවහර්ලාල් නේනේරුතුමා එක තැනක කියනවා මිනිස්සු පරාජය කරන්න තව කෙනෙක්ට බෑ. ඔවුන් පරාජය වෙන්නෙ අරමුණ අමතක වුණාම.
අරමුණ අමතක වුණාම මොකද වෙන්නේ??? තමන් මොනවා වෙනුවෙන් ද වැඩ කරන්නේ කියන එක ගැන අවබෝධයක් නැති වෙනවා. ඉතින් ජීවිතේ ජයග්‍රහණය අපිට අහිමි වෙනවා.
ජීවිතේ සාර්ථක වුණු අය එක දවසින්, එක රාත්‍රියකින් සාර්ථක වු අය නෙවේ. එක මොහොතින් සියල්ල සිදු කරගන්න බැහැ. උත්සාහ කරනවා කියන්නේ ලැජ්ජාවට කාරණයක් නෙවේ. විදුලි බුබුල හොයාගත්ත තෝමස් අල්වා එඩ්සන් නවසීය අනු නව වතාවක් උත්සාහ කරා. දහස්වන වතාවෙයි ඔහු සාර්ථක වුණේ. ඉතින් මේ ලැබිච්චි කාලේ නිකරුණේ කවුරුත් වෙනුවෙන් වෙන කරන්න එපා. තමන් වෙනුවෙන් එක දවසක් වැඩ කරලා බලන්න.....

No comments:
Post a Comment