කල් තියාම වැඩේ අතාරිනවද.....හැම දවසක්ම යුද්ධයක් වගේ දැනෙනවද..... complain කර කර ඉන්න එපා. අඩු තරමේ fight කරන්න ඉගෙන් ගන්න. ඇත්තටම අමාරු වැඩ කරන එක නෙවේ. කිසිදෙයක් නොකර කොහෙද යන්නේ කොහෙද ඉන්නේ කියලා නොදැන අතරමං වෙන එක.... තනිවීම දුර්වල කමක් වෙන්නේ පරාජිතයන්ට විතරයි. ජයග්‍රාහකයන්ට ඒක පුදුම ශක්තියක්.... අපි තනිවෙන්න තියෙන බය නිසා සමහර වෙලාවට අපිට ඕනමයි කියලා අපි හිතන ආදරණීයන් ළග බලෙන් නවතින්න ගිහින් අපි කොච්චර දුර්වලයෝ වෙනවද.....
තුවාලය හොද වෙන්න නම් ඒක පාරන එක නතර කරන්න. මේ ගමනේ සමහර තැන් වලදී දුක හිතෙයි අඩයි..... ඒ වුණාට නොදන්න දේ මේකයි.... ජීවිතේ මාරයි.... ඇත්තටම සතුට මොකක්ද කියලා පෙන්නන්න ජීවිතේ අපිට මාර දුකක් දෙනවා. ඔබේ ශක්තියෙන් නැගිටලා පෙන්නන්න. ඔබට විතරයි ඔබව උස්සලා තියන්න පුළුවන්.අවස්ථාවක් නෑ කියලා complain කර කර ඉන්නේ නැතුව දොර කඩාගෙන එළියට ගිහින් බලන්න.
ඒ හින්දා නැගිටින්න ට්‍රයි කරන්න නැවත නැවත උත්සාහ කරන්න. නරකම අදුරත් දැකලා තියෙනවා දැන් හොදම ආලෝකය උපයන්න පටන් ගන්න. උපරිම වේදනාව වින්දා නේ ඊළඟට ලෑස්ති වෙන්න විශිෂ්ඨම ආශිර්වාදය ලබන්න......❤️❤️❤️

❤️❤️
ReplyDelete