Tuesday, September 7, 2021

ඇත්තටම ලොක්ඩවුන් නිසා හීන හුදකලා කරගත්තද????

ඇත්තටම ලොක්ඩවුන් නිසා හීන හුදකලා කරගත්තද???? 

සොම්බ් ජිවිතයක් ගෙවනවා වගේ දැනෙනවද? ඇයි සොම්බි ජිවිත ගෙවන්නේ. තාම ඒලෙවල් කරලා නැත්තන් ඒ ලෙවල් ලං වෙනකන් ඉන්නේ නැතුව හොදට පාඩම් කරන්න පුළුවන්. පේපර්ස් කරන්න, කලින් කරපු අයගෙන් අහගෙන වැඩ කරන්න පුළුවන්.  කඩයිම් ලකුණු එනකන් ඉන්නවා නම් හෝ කැම්පස් නම් ඒ අතරේ තමන් ආස කරන පැත්තට අවශ්‍ය සුදුසුකම් හදාගන්න පුළුවන්. ඕන තරම් ඔන්ලයින් ෆ්‍රි course තියෙනවා කරන්න coursera, udmy, edx වගේ වෙබ් සයිට්වල. 


ඊළග ඉන්ටවිව් එක එනවා නම් අනිත් අයට වඩා ඉස්සරහින් ඉන්න විදියට තමන්ගේ සුදුසුකම් හදාගන්න මහන්සි වෙනව මිසක් ගේ අස්සේ එහෙට මෙහෙට ගිහින්වත්, ගේම් ගගහා ඉදලවත් හරියන්නෑ. අනිත් තරගකාරයන්ට වඩා ඉස්සරහින් ඉන්න මහන්සි වෙන එකයි කරන්න ඕන.


ඔබට ලියන්න පුළුවන් ඇති, නැත්තං සින්දු කියන්න පුළුවන් ඇති, කෑම හදන්න පුළුවන් ඇති, ඔය ඕනම විදියක දක්ෂතාවක් ඇති. ඇයි ලියන්න පුළුවන් කෙනාට බැරි බ්ලොග් එකක් කරන්න, පොතක් ලියන්න. අලුත් සින්දුවක් කරන්න පුළුවන්, අළුත් සංගීත භාණ්ඩයක් ඉගෙන ගන්න පුළුවන්. අළුත් භාශාවක් ඉගෙන ගන්න පුළුවන්,  අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. 

 

ඔබේ දක්ශතා වැඩි කරගන්න මහන්සි වෙනවා මිසක් අනේ කොරෝනා නිසා අපේ හීන නැති වුණා කියලා අඩ අඩ රටට සාප කරන එකවත්, කොරෝනාවට සාප කරන එකවත් නෙවේ කරන්න ඕන. 

තාක්ෂණය කියලා දෙයක් තියෙනවා. ඕන තරම් වෙබ් සයිට් තියෙනවා. යු ටියුබ් එකේ නැති දෙයක් නෑ. කොහෙද අපි සොම්බි ජිවිත ගෙනියන්නේ. ඇයි කුස්සියෙන් කාමරෙට කාමරෙන් කුස්සියට යන්නේ? ඇයි අපි අපේ හිතටම excuse එකක් දෙන්නේ?

1 comment:

දන්නවද  මට හැමදාම ඕන වුණේ ඉර වෙනුවෙන් මග බලන සුරියකාන්ත මලක් වෙන්න. ඒත් දැන් ඉර වෙනුවෙන් බලන් ඉදලම ඇස් කෙවෙණි ඇදුම් කනවා..... ඉතිං, දැන් මට ...