දරුවෙක්ගේ උපතේ ඉදන් මරණය දක්වා තමන්ට ඕන විදියට ජීවත් වෙන්න් ඕන කියල ලංකාවේ බොහෝමයක් දෙමව්පියෝ හිතන් ඉන්නේ. මේ බලපෑම් නිසා පීඩා විඳින දරුවෝ අනන්තයි , අප්‍රමාණයි. අපි සියලු දෙනාම පොඩි හෝ ප්‍රමාණෙකින් මේ බලපෑම් වලට යටත්වෙලයි ජීවත් වන්නේ. සමහර දෙමාපියෝ දරුවවා කුසෙන් එළියට ගන්නෙත් වේලාවකට. කලින්ම වේලාව හදලා කේන්දර හදලා දරුවෙක්ගේ දෛවය බලෙන්ම වෙනස් කරලයි ඔවුන්ව බිහි කරන්නෙත්.
දරුවෙක් අවුරුදු කීයෙන්ද පෙරපාසල් යන්න ඕන කියන එකේ සිට විවාහය දක්වා ඇගිලි ගසන අය ඕන තරම්. ඔය දේ එන්න එන්නම වැඩි වෙනවා. දරුවෙක් කැමති වුණත් අකමැති වුණත් අම්මලා කැමති නම් නගරයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලැබිය යුතුමයි. මොකද දරුවා යන පාසල තීරණය කරන්නේ බඩේ ඉද්දිමයි. එක වසරේ ඉදන් ටියුෂන් යන්න ඕන පහේ තියෙන ශිෂ්‍යත්ව විභාගේ වෙනුවෙන්. පොඩි මොළේට දරන්න නොහැකි බරක් පොඩිකාලේ ඉදන් අපේ දෙමාපියෝ ඔළුවට දාන්නේ.
ඩොක්ටර් කෙනෙක්, ඉංජිනේරුවෙක්, ලෝයර් කෙනෙක් කෙනෙක් වෙන්න ඕන කියලා සමාජයේ උසයස් යැයි සම්මත රැකියාවක් පොඩිකාලේ ඉදන් අර පොඩි දරුවගේ ඔළුව උඩට දානවා. පුතේ දුවේ ඔයා කවුරු වෙන්නද කැමති කියලා අහනවට වඩා ඔයා මෙහෙම කෙනෙක් වෙන්න කියන දෙමාපියෝ වැඩියි. ඉතින් බොහෝමයක් දෙමව්පියන්ට දරුවෙක් කියන්නෙ එයාලට කරන්න බැරි වුණ දේවල් ළඟා කරගන්න පාවිච්චි කරන ඉත්තෙක්.
දරුවා දක්ෂ කලාවට වෙන්න පුළුවන් ඒත් කරන්නේ ගණිත විශය ධාරාවන්. අර කලාකරුවා හංගගෙන ඔහු දෙමාපියන්ගෙ කැමැත්තට ඉංජිනේරුවෙක් වෙලා. අකමැති රැකියාවක් කරමින් ජීවිත කාලය පුරාම ආතතියෙන් පෙලෙන්න වෙලා. ඉතින් එහෙව් අයගෙන් හොද සේවයක්, අනෙකාට හොදින් සවන් දීමක් බලාපොරොත්තු විය හැකිද?
රැකියාව දක්වා දෙමාපිය තීරණය මත සිදු වුණා කියමු. විවාහය ඒක තමා හොදම දේ. විවාහයත් තමන්ට අවශ්‍ය විදියට විය යුතු බවයි සමහර දෙමාපියෝ හිතන්නේ. අනිකා එක්ක ජිවත් වෙන්න පුළුවන්ද කියලා නෙවේ බලන්නේ. අපේ පවුලට වඩා ධනවත් වෙන්න ඕන, උගත් වෙන්න ඕන, කුලෙන් ඉහළ වෙන්න ඕන කියලයි බලන්නේ. එහෙම නැත්තං ඒකට විරුද්ධ වෙන්න දෙපාරක් හිතන්නේ නෑ.
කොහොම හරි කසාද බැන්දා කියමුකො. එතනින් එහා දෙන්නා අතර ඇතිවෙන ප්‍රශ්න වලටත් ඇගිලි ගහන්න දෙපාරක් හිතන්නේ නෑ. සමහර අම්මලා තමන් මේ කරන්නේ බරපතල වැරැද්දක් කියල දන්නේ නෑ . ඔය පොඩි ප්‍රශ්න දුරදිග යවලා දික්කසාදය දක්වා යවන අම්මලා ලංකාවෙ ඉන්නවා.
සමහර අම්මලා පුතාලා කසාදයක් බැඳගෙන ආවාම ඒ පවුලට පුදුම වදයක් වෙන්නේ. අලුතින් විවාහ වුණ ජෝඩුව හිනාවෙලා සතුටින් ඉන්න එක පේන්න බෑ. තාම අර පොඩි පුතා කියලා හිතන් අයිතිවාසිකම් කියන්නේ.
දරුවන්ගේ ජීවිත අනවශ්‍ය විදියට උපතේ සිටම පාලනය කරන එක නෙවෙයි දෙමව්පියෝ විදියට කරන්න ඕනේ. දරුවෝ කියන්නෙ විශ්‍රාම සැලසුමවතක් නෙවේ. ඔවුන් හැදුවා දැනුම් තේරුම් තියෙද්දී දරුවන්ට තීරණ ගැනීමට අයිතියක් තියෙනවා. ඔවුන්ගේ ජීවිතවලට අනවශ්‍ය ලෙස ඇගිලි නොගසන්න...

No comments:
Post a Comment