Sunday, October 10, 2021

සිහින......

 



සෑබෑ නොවන හීන කියලා ජාතියක් අහලා තියෙනවද..... එහෙම හීනයක් මට තියෙනවා..

මට හයිඩි පොත කියවන්න හම්බුණේ 5 වසරෙදි. ඊට අවුරුද්දකට දෙකකට පස්ස ෆිල්ම් එක බලන්න හම්බුණේ. එදා ඉදන් මේ වෙනකන් කිසිම වෙනසක් නොවී තිබ්බ එකම හීනේ තමා farm life එකක් ගෙවන එක.

කුකුළෝ බැටළුවෝ ඌරෝ එළදෙන්නූන්ගෙන් පිරිච්ච ලොකු farm එකක්. මැද හරියේ ලස්සන ගල්වලින් හදපු පොඩි ගෙයක්. ඉස්තෝප්පුවේ පැද්දෙන පුටුවක්. විසිත්ත කාමරයේ පසක සීතලට ගිනි දැල්වෙන ගිනි උදුනක්. පොඩි සෝෆා එකක් එක්ක ලස්සන ඩේසි මල්වලින් සැරසුන මල් පොච්චියක්.

පැත්තක පොඩි කුස්සියක්,ඒ මැද ලී මේසයක්. පසෙක ෂූ හඩ නංවමින් උතුරන කේතලයක්. මේසේ පසක කෝපි කෝප්පයක් එක්ක ගෙදර හදපු බටර් ගාපු පාන් පෙත්තක්. පුංචි කවුළුවෙන් තෙරක් නැතිව පෙනෙන තණ පිට්ටනියක්. තණ පිට්ටනියේ තණ උලා කන එළදෙනුන්ගේ දසුනක්. ලා සුළං පොදක් කවුළුව තුළින් ගලාගෙන විත් මුහුණේ වදින විදිහ. නැහැ පුඩු හරහා යන තණ බිස්සේ නැවුම් සුවද.

උඩ තට්ටුවේ ඩේසි මල්වලින් සැරසුන පොඩි නිදන කාමරයක්. කවුළුවෙන් ඈත පෙනෙන කදු මුදුන්. ඇද අසලම වූ පොත් වලින් පිරුණ රාක්කයක්. පසෙකින් වූ ලැන්තෑරුම, රාත්‍රියට ඒ එළියට පියාඹගෙන එන කාළාමැදිරියන්.

තණ පිට්ටනියේ පසෙක තිබෙන මහා රෑස්ස ගහක්. නිදහස් වේලාවට කූඩේකට කෑම ටිකක් දාගෙන ගිහින් පොතක් කියව කියව කෝපි කෝප්පයක් බොන ගමන් ගහේ අතු සුළගත් එක්ක තාලෙන වැනෙන දිහා බලන් ඉන්න. පොඩි බලු පැටව් දෙන්නෙක් එක්ක වත්ත පුරා ඇවිදින්න. අයිනක ගලන් යන දොළ ළගට ගිහින් පීනන මාළු පැටව් දිහා බලන් ඉන්න. උදේට කූඩෙකුත් අරන් ටවුමට ගිහින් ඕන කරන දේවල් ගේන්න.

Farm එකේ සත්තුත් එක්ක ජීවිතේ ගෙවන්න. උදේම ඇහැරිලා පැද්දෙන පුටුවේ වාඩිවෙලා ඈත බලන් ඉන්න. දෙපැත්තේ බලු පැටව් දෙන්නා තියාගෙන ඉන්න හීන මැව්වා...

තාමත් ආසයි ඒ ජීවිතේට ඉටුවෙයිද නැද්ද දන්නෑ තාමත්. ඒත් දවසක තෝරාගැනීමක් කරන්න වුණොත් මම බොහෝ විට මේ ජීවිතේ තෝරා ගනිවි. ඒ තරම්ම ලොකු හීනයක් ඒක.

ජීවිතේ මේ දිව්වා ඇතියි කියලා හිතුණ දවසක මමත් නවතියි පොඩි කාලේ ඉදන් හීන මැව්ව තැන....

හැමෝගෙම හීන ඉෂ්ට වේවා ❤❤❤❤

1 comment:

දන්නවද  මට හැමදාම ඕන වුණේ ඉර වෙනුවෙන් මග බලන සුරියකාන්ත මලක් වෙන්න. ඒත් දැන් ඉර වෙනුවෙන් බලන් ඉදලම ඇස් කෙවෙණි ඇදුම් කනවා..... ඉතිං, දැන් මට ...