Sunday, September 12, 2021

සතුටින් ඉන්න නම් බදින්නම ඕනද

 


 මිනිස්සු බදින්නම ඕනිද?? නොබැද සතුටින් ජිවත් වෙන මිනිස්සු ඇත්තෙම නැද්ද?? 


පෞද්ගලිකව ගත්තම විවාහය කියන්නේ මං කැමති නැති මාතෘකාවක්. ජිවත් වෙන්න නම් බදින්නම ඕනද? නොබැදපු මිනිස්සු ජිවත් වෙන්නේ නැද්ද? සමහරවිට ඔබට ගැළපෙනම සහකරු හෝ සහකාරිය මුණ නොගැසිලා ඇති. නැත්තං ජිවිතේ වැදගත් දේවල් ඇති කරන්න. දෙමාපියන්ට, පවුලට යුතුකම් ඉටුකරන්න ඇති. තමන්ට කියලා දෙයක් ගොඩනගාගන්න සිදුවෙලා ඇති. විවාහය කියන වගකීම භාරගන්න අකමැති ඇති.

ඔය මොන විදියේ හේතුව මත විවාහ නොවි සිටියත් ඔහු හෝ ඇයගේ තීරණ මේ විදියට විය යුතුයි කියලා තවත් අයෙකුට කිව නොහැකියි. 


ඇත්තටම බදින්න ඕනම නෑ ජිවත් වෙන්න. බැදපු අය ළමයි නිසා ඇවිදින්න බැරිව ඉද්දි නොබැදපු ඔබ මේ රටේ ලෝකේ බොහෝ තැන්වල ඇවිදිනවා ඇති. ආස ඇදුමක් ඇදලා, තමන්ට ඕන වෙලාවට කාලා බීලා, කැමති වෙලාවට ගෙදර එනවා ඇති. හස්බන්ඩ්, වයිෆ්, දරුවෝ බලන් ඉන්නවා කලින් ගෙදර එන්න ඕන, එයාලව දාලා මං විතරක් ඇවිදලා හරියන්නේ නෑ, පවුල වෙනුවෙන් සල්ලි හොයාන්න ඕන, දරුවෝ වෙනුවෙන් ඉතුරු කරන්න ඕන, ගෙවල් දොරවල් හදන්න ඕන, දරුවන්ට හොද අනාගතයක් හදන්න ඕන, ඔය කිසිම වගකීමක් ඔබට නැතිව ඇති.


ඉතින් තාමත් ඔබ හිතනවා නම් ජිවත් වෙනවා කියලා දැනෙන්න බදින්නම ඕන කියලා ඔබ වැරදි. නොබැද ජිවිතේ විදින මිනිස්සු ඕන තරම් ඉන්නවා.

No comments:

Post a Comment

දන්නවද  මට හැමදාම ඕන වුණේ ඉර වෙනුවෙන් මග බලන සුරියකාන්ත මලක් වෙන්න. ඒත් දැන් ඉර වෙනුවෙන් බලන් ඉදලම ඇස් කෙවෙණි ඇදුම් කනවා..... ඉතිං, දැන් මට ...