ජිවිතේ ඔබට පහරපිට පහර දුන්නත් ඔබට නැගිටින්නම වෙනවා. ආස දෙයක් ඉගෙන ගන්න, ආස කරන බිස්නස් එකක් පටන් ගන්න, ආස කරන රැකියාව කරන්න ගන්න.
දන්නවද තෝමස් අල්වා එඩිසන් බල්බය හොයාගද්දී 999 වාරයක් අසාර්ථක වුණා. ඔහු කියනවා මම බල්බයක් පිළිස්සෙන්න තියෙන ක්‍රම 999ක් ඉගෙන ගත්තා කියලා. ඉතින් මං කියන්නේ ඔබ යන ගමනෙදි ඔබ වැටෙයි, දණහිස් තුවාල වෙයි, අතපය කැඩෙයි, කදුළු පිහදාගෙන ආපහු නැගිටින්න, වැටි වැටි නැගිටින්න. ඔය හැම පරාජයකටම පස්සේ ඔබ තැනකට එනවා. ඉතින් එතනින් ඉවරද ඒ ගමන. නෑ, එතනයි පටන් ගැන්ම. එතනින් එහාට ඔබ සාර්ථකත්වය පවත්වාගෙන යන තැනයි ඔබේ ගමන රදාපවතින්නේ.
කාගෙවත් උදව් නැතුව ඔබට කොච්චර දේවල් කරන්න පුළුවන්ද බලන්න. හැම වේලාවකම අනිත් අයගේ උදව් ඉල්ලන්න එපා. එහෙම වුණොත් ඔබට කරන්න පුළුවන් දේ අමතක වෙයි. සාර්ථක වෙන්න නම් පහළින්ම පටන් ගන්න.
මගේ chemistry සර් දවසක් කියනවා නාඩි වැටෙනවා කියලා දැනෙනවා නම් පන්තියට එන්න කියලා. ඔව් නාඩි වැටෙනවා කියලා දැනෙනවා නම් වැඩ කරන්න. මොකද මේ කොරෝනාවට වඩා නරක දේවල්වලට මුහුණ දුන්න අය ඉන්නවා. නිදහසට කාරණා ගැන හිත හිත කාලේ නාස්ති කරන්න එපා.
එස් ටි ලෝඩර් කියනවා මම කවදාවත් සාර්ථකත්වය ගැන සිහින මැව්වේ නැහැ. මම ඒ වෙනුවෙන් වැඩ කරා කියලා. සමහරු හිතයි ඔබට පිස්සු කියලා. හිතන්න දෙන්න. ඔබේ පාඩුවේ වැඩ කරන්න.
ඉතින් හැම වේදනාවක්ම අයින් කරලා ඔබ වෙනුවෙන් වැඩ කරන්න....

No comments:
Post a Comment